බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදනය වසර 60ක අවම මට්ටමට
2023-01-27 14:21:04
Share with:

පසුගිය වසරේ සිය රටේ නිෂ්පාදිත නව මෝටර් රථ සංඛ්‍යාව 775,000 ක් වූ අතර එය 1956 න් පසු අඩුම මට්ටම බව බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදකයින් සහ වෙළඳුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනයන් හී දැක්වේ.

බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාන්තය, නිෂ්පාදිත කොටස් සහ චිප හිඟයෙන් පීඩා විඳින අතර ඇතැම් වාහන නිෂ්පාදන කම්හල් වසා දැමීමේ අවදානමකට පත්ව ඇතැයි ද සංගමය පෙන්වා දෙයි.

චිප නිෂ්පාදනය තම රටට ආපසු ගෙන්වා ගැනීම සඳහා ඇමරිකාව විසින් සැලසුම් කරන ලද චිප පනත ඊට හේතුවයි. එමගින් ගෝලීය අර්ධ සන්නායක සැපයුම් දාමයේ කඩාකප්පල් වීමක් සිදු වන අතර මෝටර් රථ නිෂ්පාදිත කොටස් හා චිප හිඟයට ද එය බලපා ඇති බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම