චීන ආර්ථිකය ලෝක ආර්ථිකයට මෙම වසර තුළ ලබා දෙන දායකත්වය ‍ තීරණාත්මක සාධකයක්
2023-01-27 15:39:05
Share with:

මෙම වසරේ ලෝක ආර්ථීක‍යේ මන්දගාමී තත්ත්වයක් පිළිබඳ අනාවැකි පළවී තිබේ. ලොව ප්‍රධාන ආර්ථිකයන්හී ආර්ථික වර්ධන අපේක්ෂාවන් ද පහළ දමා ඇත. එවන් පසුබිමක ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකය ලෝක ආර්ථිකයට මෙම වසර තුළ ලබා දෙන දායකත්වය ඉතා තීරණාත්මක බව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය චන්දන කුමාර මහතා පවසයි. කොවිඩ් අර්බුදයෙන් පසු යම් ආකාරයේ ලෝක ආර්ථික පුනරුත්ථාපනයක් පිළිබඳ අපේක්ෂාවක් පවතින මොහොතක එය ඉතා වැදගත් නිර්ණායකයක් වනු ඇත. චීනයේ ‍කොවිඩ් පාලන පියවරයන් ප්‍රති සැකසීමට ගත් තීරණය ලෝක ආර්ථිකයට අස්වැසිල්ලක් ලෙසට තමන් දකින බවද‍ හෙතෙම කියා සිටී. විශේෂයෙන් චීනයේ දේශීය ඉල්ලුම ඉහළ යාමෙන් සෙසු රටවල අපනයනයන්ට යළිත් විශාල වෙළඳපොලක අවස්ථා හිමිවීම ලෝක ආර්ථිකයට චීනයේ දායකත්වය වර්ධනය කරන ප්‍රධාන සාධකයක් වනු ඇත. සැපයුම් දාම අඛණ්ඩව පවත්වා ගෙන යාමත් ‍ගෝලීය වෙළඳ දාමයේ ප්‍රාණවත්භාවය තබා ගැනීමත් ඉතා වැදගත් බවද චන්දන කුමාර මහතා කියා සිටී. එහි ප්‍රධානතම සාධකය චීනය ලෙසට තමන් දකින බවද හෙතෙම සඳහන් කරයි.



ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම