හැත්තෑ පස් වන නිදහස් දින සැමරුම් උත්සවය පිළිබඳ ජනපති ගෙන් උපදෙස්
2023-01-27 15:20:21
Share with:

හැත්තෑ පස් වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර වියදම් අවම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (26) පෙරවරුවේ පැවති පූර්ව සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගි විය.

75 වන නිදහස් දින සැමරු උත්සවයට සමගාමීව විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතව ඇත. විශේෂ දළදා පූජාව හා මහ පිරිත් දේශනාව, සර්ව ආගමික වතාවත්, නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය, ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන සාම්ප්‍රදායික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය වැනි විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම