චීන ආර්ථිකය කලාපීය වර්ධනයට පිටුබලයක් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වේ
2023-01-27 14:13:24
Share with:

චීන ආර්ථිකය කලාපීය ආර්ථික වර්ධනයට හිතකර දායකත්වයක් ලබා දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද "2023 ලෝක ආර්ථික තත්ත්වය සහ අනාගතය" නමැති වාර්තාව අනාවැකි පළ කරයි.

2023 දී චීන ආර්ථික වර්ධනය වේගවත් වනු ඇතැයි ද එහි දැක්වේ. චීන රජය වසංගත පාලන ප්‍රතිපත්ති යහපත් කරමින් හිතකර ආර්ථික ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඊට හේතුවයි. ඉදිරියේදී චීනයේ දේශීය පරිභෝජන ඉල්ලුම ද ඉහළ යනු ඇතැයි අපෙක්ෂා කෙරේ. චීන ආර්ථික වර්ධනය මේ වසරේ 4.8% දක්වා වර්ධනය වනු ඇති බවද එම වාර්තාවෙන් අනාවැකි පළ කර තිබේ.

චීනයේ ආර්ථික වර්ධනය නැගෙනහිර ආසියාව ඇතුළු බොහෝ රටවලට වැදගත් බලපෑමක් ඇති බවත්, චීන ආර්ථික ප්‍රකෘතිය සමස්ත කලාපීය වර්ධනයට පිටුබලයක් වනු ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

නව කොරොනා වසංගතය, යුක්රේන අර්බුදය සහ ඉහළ උද්ධමනය යන බලපෑම් 2022 ලෝක ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කළේය. මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව තවදුරටත් පහත දමා තිබේ. 2023 දී යුරෝපා සංගමයේ ආර්ථිකය 0.2% කින් ද, එක්සත් ජනපදය 0.4% කින් ද, ජපානය 1.5% කින් ද වර්ධනය වනු ඇතැයි වාර්තාව අනාවැකි පළ කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම