ආනයන අත්හිටුවීම් හේතුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 2,500ක ඉතිරියක්
2023-01-27 15:14:21
Share with:

ඇතැම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වරින්වර පැනවූ ආනයන අත්හිටුවීම් හේතුවෙන් මේ දක්වා කාලය තුළ ඇමරිකා ඩොලර් මිලියන 2,500ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අනාවරණය කරයි.

ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු මූලස්ථානයේ පැවති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ආනයනය කිරීමට හැකිව ඇත්තේ මෙම පියවර හේතුවෙන් බවයි. මෙම වසර පසුගිය 2022 වසර මෙන් ආර්ථික වශයෙන් අසීරු වසරක් නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම