පාකිස්ථාන රුපියලේ අගය දැඩි පසුබෑමක
2023-01-27 14:39:08
Share with:

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව පාකිස්ථාන රුපියල දැඩි පහළ යාමක් වාර්තා කරයි. අන්තර් බැංකු වෙළඳපොලේ එය පාකිස්ථාන රුපියල් 255.43ක් ලෙසට බ්‍රහස්පතින් දා ගනුදෙනු විය. එම අගය 1999 වසරේ හඳුන්වා දුන් නව විනිමය අනුපාත ක්‍රමයෙන් පසු වාර්තාවූ පහළම අගය බව එරට තැරැව්කාර සමාගමක් මාධ්‍ය වෙත පවසා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගනීමේ ‍පූර්ව කොන්දේසි සපුරාලීමට පාකිස්ථානය පියවර ගනිමින් සිටින බැවින් ඉදිරි දින කිහිපයේ දී පාකිස්ථාන රුපියලේ අගය තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර ඇතැම් විශ්ලේෂකයන්  වෙළඳපොල මත විනිමය අනුපාතය තීරණය වීමට ඉඩ හැරීමේ රජයේ ප්‍රතිපත්තිය අගය කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම