චීනයේ වසංගත පාලන ජයග්‍රහණයන් පිළිබඳව ජාත්‍යන්තර ජනමත විමසීමකට එක්වූවන්ගෙන් 88.1%ක ගේ ප්‍රසාදය
2023-01-26 15:34:30
Share with:

ගෙවී ගිය වසර තුන තුළ චීනයේ වසංගත පාලන ජයග්‍රහණයන් පිළිබඳව, ජාත්‍යන්තර ජනමත විමසුමකට එක්වූවන් ගෙන් 88.1%ක් ප්‍රශංසා කරයි. චීනය වසංගත වෙනස්කම් සමඟ පරිපාලන ප්‍රතිපත්ති වෙනස් කිරීමේ පියවර සම්බන්ධයෙන් 71.6% ක් සිය එකඟත්වය පළ කර ඇත. 

ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යනාදී බටහිර සංවර්ධිත රටවල් ඇතුළු රටවල් 21ක පුරවැසියන් සම්බන්ධ වූ එම ජනමත විමසුම, චීන මාධ්‍ය සමූහයේ CGTN බුද්ධි මණ්ඩලය හා චීන රෙන්මින් විශ්වවිද්‍යාලය විසින් ඒකාබද්ධව පවත්වන ලද්දකි.

වසංගතය මතු වී වසර තුන තුළ, චීනය මුල සිටම ජනතාවට මෙන්ම ජීවිතයට‍ ප්‍රමුඛත්වය දී සිටී. ඒ මත පදනම්ව අඛණ්ඩව වසංගත පාලන ප්‍රතිපත්ති වැඩිදියුණු කර තිබේ. ලෝකයේ විශාලතම කොවිඩ් 19 එන්නත්කරණය ක්‍රියාත්මක කළ චීනය, වැඩිහිටියන් ඇතුළු විශේෂ කණ්ඩායම් වෙත සුවිශේෂ ආරක්ෂාවක් යොමු කරමින් මරණ හා අසාද්‍ය තත්ත්වයට පත්වීම් ඵලදායී ලෙස පාලනය කළ හැකියාවක් චීනය පෙන්නුම් කර තිබේ. මේ දක්වා, ලෝකයේ නව කොරොනා වෛරසයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මිලියන 6.63 ඉක්මවයි. එහෙත් චීනයේ දරුණු රෝගාබාධ හා මරණ සංඛ්‍යාව සාපේක්ෂව පහළ මට්ටමක පවතී.

චීනයේ වසංගත ප්‍රතිපත්ති කෙරෙහි ඇතැම් බටහිර මාධ්‍ය අඛණ්ඩව විවේචනයට ලක් කරයි. චීනය දැඩි පාලන පියවර අනුගමනය කරන විට, මානව හුවමාරුවන්ට බාධා එල්ල කර ඇති බව පවසමින් ඔවුහු විවේචන කළහ. චීනය එම පියවර ලිහිල් කිරීමෙන් පසුව, ලෝක ආර්ථිකයට හානි  සිදු කරන බව ද ඔවුහු පැවසූහ. එම මාධ්‍ය වාර්තා අසාධාරණ බව පවසමින් මත විමසීමට එකඟවූවන්ගෙන් 77.7%ක පිරිසක් එහි දේශපාලන අගතියක් ඇති බව ද සඳහන් කර තිබේ. එම අදහස් දක්වන කණ්ඩායමෙන් සියයට 70 ක පිරිසක් බටහිර රටවල පුරවැසියන් වීම ද විශේෂත්වයකි.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම