ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ 50% දක්වා ඉහළ නැංවීමට සැලසුම්
2023-01-26 16:42:44
Share with:

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ 50% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වන විට ඖෂධ නිෂ්පාදනය 15% - 20% ක පමණ තත්වයක පවතී.  රටට අවශ්‍ය ඖෂධ සැපයුම ප්‍රමුඛ අවධානයට යොමු කරමින් මෙරට ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටී.

රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහාය අයෝජකයින්, නිෂ්පාදකයින්, කර්මාන්තකරුවන් ඇතුළු සියල්ලන් වෙත ලබා දෙන බවත් හෙතෙම කියා සිටී.

ඒ සඳහා උපකරණ ගෙන්වීමේ දී බදු සහන ඇතුළු සහන රැසක් ලබා දීමට ක්‍රියා කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම