චීනය ආර්ජන්ටිනාවට වැදගත් වෙළඳ හවුල්කරුවෙක් - ආර්ජන්ටිනා විදේශ ඇමති
2023-01-26 14:44:25
Share with:

චීනය තම රටට වැදගත් වෙළඳ හවුල්කරුවෙක් බව ආර්ජන්ටිනා විදේශ ඇමති Santiago Cafiero මහතා පවසයි. හෙතෙම ලතින් ඇමරිකානු සහ කැරිබියන් රාජ්‍ය ප්‍රජාවේ හත්වන සමුළුවට එක්වූ අවස්ථාවේදී චීන මාධ්‍ය සමූහයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට  එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.

වර්තමාන පසුබිම යටතේ ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් රටවල් පොදු එකඟතාවකට පැමිණ සිටින බවත් එනම් සමගියෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවත් Cafiero මහතා සඳහන් කරයි.

චීනය තම රටේ වැදගත් වෙළඳ හවුල්කරුවෙකු වන අතර දෙරට අතර ආර්ථික සහ වෙළඳ සහයෝගිතා සැලකිය යුතු අයුරින් වර්ධනය කළ හැකි බවට අපේක්ෂා කරන බව ද හෙතෙම පෙන්වා දෙයි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක්ව සිටින ආර්ජන්ටිනාව, එමගින් චීන ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරයි. යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ද සැලකිය යුතු සංවර්ධනයක් අත්කර ගැනීමට ආර්ජන්ටිනාව බලාපොරොත්තුවෙන් සිටින බව එරට විදේශ ඇමති Cafiero මහතා පවසයි. ඉන් ආර්ජන්ටිනාව චීනයටත් ලෝකයටත් අපනයන විවිධාංගීකරණය සහ තරඟකාරිත්වය ඉහළ මට්ටමකට නංවාලීමට අපේක්ෂා කෙරේ. ආර්ජන්ටිනාව සහ චීනය අතර පවතින සහයෝගීතාවට විශාල විභවයක් ඇති බව කැෆිරෝ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම