ස්වකීය අනන්‍යතාව ආරක්ෂා‍ කර ගනිමින් දියුණුව කරා යන චීනය
2023-01-26 19:26:48
Share with:

චීනය සිය ඉලක්කයන් වෙත යාමේ දී ස්වකීය අනන්‍යතාව ආරක්ෂා‍ කර ගැනීම පැසසිය යුතු කරුණක් බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි. චීනය නව නිපැයුම් කෙරෙහි වර්තාමනයේ වැඩි අවධානයක් යොමු කරයි. කර්මාන්ත අංශය පමණක් නොව මානව සම්පත කෙරෙහි ද චීනය වගකීමෙන් කටයුතු කරන බව දැකිය හැකිය. තම රටේ ශ්‍රම බලකා වයසේ සිටින සියලු දෙනාටම රැකියාවක් ලබාදීමේ වගකීම උපරිමයෙන් ඉ‍ටු කිරීමට චීනය  උත්සාහ දරන බවද හෙතෙම කියා සිටී. පුද්ගලයා ආර්ථිකමය වශයෙන්  සංතෘප්ත කිරීමට උත්සුක වීමක් ද දැකිය හැකිය. ඉන් ඉල්ලුම වර්ධනය කර ගත හැකිය. එය කර්මාන්ත හා නිශ්පාදනයට වැදගත්ය.

සෙසු රටවල් සමග ද්වීපාර්ශ්වික හා බහු පාර්ශ්වික සබඳතා ගොඩනගා ගැනීමට ද චීනය ක්‍රියා කරමින් සිටී. වත්මන් ලෝකයේ කිසිදු රටකට තනිව කටයුතු කළ නොහැකිය. සමස්ත ලෝකය සමග ම ගනුදෙනු කිරීමටත්, සේද මාවත හරහා ජයග්‍රාහී ලෙස දිගු ගමනක් යාමටත් චීනය කටයුතු කරමින් සිටින බව ද වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කරයි.  


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම