රුසියා හා බෙලරුසියා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළි ඔලිම්පික් තරඟවලට එක්වීමට අවස්ථාව හිමිවන ලකුණු
2023-01-26 15:49:43
Share with:

දැඩි කොන්දේසි යටතේ, රුසියා හා බෙලරුසියා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මධ්‍යස්ථ අනන්‍යතාවෙන් යළි ජාත්‍යන්තර තරඟවලට සහභාගීකරවා ගැනීමේ ඇති හැකියාව සොයා බලන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කරයි. අදාළ කොන්දේසි සපුරන දෙරටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගීවීමේ වැඩි අවස්ථාවක් පවතින බව ඊයේ (25) නිකුත් කෙරුණු නිවේදනයක දැක්වේ.

ලෝකයේ මතභේද, ගැටළු හා සටන් සිදු වන විට, ජගත් සමගිය තහවුරු කිරීමට ඔලිම්පික් ක්‍රිඩාව දායක විය යුතු බව ඊයේ (25) පැවති කමිටු රැස්වීමේ ‍බහුතර නියෝජිතයෝ විශ්වාස පළ කළහ. ඔලිම්පික් ප්‍රඥප්තියට අනුව සියලු ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනස් කොට නොසැලකිය යුතු බව ද එම  නිවේදනයේ  සඳහන් වෙයි.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම