මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළට
2023-01-26 14:32:07
Share with:

මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහත දැමේ. පසුගිය වසරේ දී 2023 වසරේ ආර්ථික වර්ධන අපේක්ෂාව ලෙසට පළ කෙරුණු සියයට 3 ක අනාවැකිය සියයට 1.9 ක් දක්වා අඩුවනු ඇති බව එක්සත් ජාතීන්‍ගේ වාර්තාවක දැක්වේ. එය මෑත දශක කිහිපය තුළ අඩුම වර්ධන වේගයක්  වනු ඇත. ඉහළ උද්ධමනය, දැඩි මූල්‍ය ප්‍රතිපත්ති  සහ විවිධ අස්ථාවර තත්ත්වයන් හේතුවෙන් කොවිඩ් අර්බුදයෙන් පසු ආර්ථික පුනරුත්ථාපනය මන්දගාමීවනු ඇති බව එම වාර්තාවේ දැක්වේ. ඇමරිකාවේ ආර්ථික වර්ධනය අපේක්ෂා කළ මට්ටම වන සියයට 1.8 සිට සියය‍‍ට 0.4ක් දක්වා අඩු වනු ඇත. චීන ආර්ථිකය 2023 ව‍සරේදී යම් යහපත් මට්ටමකට පත්වනු ඇති අතර අපේක්ෂිත වර්ධනය සියයට 4.8කි. චීන ර‍‍ජය කොවිඩ් ප්‍රතිපත්ති යළි සැකසීම මෙන්ම මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම ඊට හේතුවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම