මෙරට කර්මාන්ත අංශයට නවීන තාක්ෂණය හඳුන්වා දිය යුතු බව ජනපති කියයි
2023-01-26 16:47:39
Share with:

නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දෙමින් කාර්මික, අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

2023 වසරේ අවසන් කාර්තුවේ මෙරට පැවැත්වීමට නියමිත “නව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය” පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට විවිධ කර්මාන්ත මේ වන විට පවතින තාක්ෂණික මට්ටමේ සිට නව කාර්මික විප්ලවවල තාක්ෂණයෙන් අනුන වූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය දක්වා ගමන් කරන්නේ කෙසේද යන්න හඳුනා ගනිමින් වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම උදෙසා තාක්ෂණය උපයෝගී කර ගැනීම මෙම ප්‍රදර්ශනය සංවිධාන කිරීමේ අරමුණයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම