මෙරට විශාලතම ජෛව පොහොර කම්හල විවෘත වෙයි
2023-01-25 16:03:05
Share with:

ලංකා බයෝ ෆර්ටිලයිසර් සමාගමේ නවතම කර්මාන්ත ශාලාව විවෘත කෙරේ. හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි එය මෙරට විශාලතම මෙන්ම තාක්ෂණයෙන් ඉහළම ජෛව පොහොර කම්හල ද වේ.

එය ඊයේ (24) විවෘත කෙරුණේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

වර්ග අඩි හතළිස් දහසක වපසරියක, නවීන තාක්ෂණයෙන් සමන්විත පොහොර නිෂ්පාදනාගාර එහි ඉදිකර ඇත. වාර්ෂිකව ජෛව පොහොර ලීටර මිලියනයක් එහි දී නිපදවිය හැකිය. මෙම පරිසර හිතකාමී ජෛව පොහොර වී වගාවට යෙදීමේ දී යූරියා භාවිතය 30 %කින් අඩු කරගත හැකි වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම