ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන් අතර හමුවක්
2023-01-25 15:57:42
Share with:

ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වේ. නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ලබාගැනීම සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය සඳහා  එම සාකච්ඡාව ඊයේ (24) කැඳවා තිබිණ. කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමේ හැකියාව පිළිබඳව එහිදී අවධානය යොමුවිය.

ජනවාරි මාසයේ ගෙන්වා ගැනීමට සැලසුම් කළ ගල්අඟුරු නෞකා 7 න් පහක් මේ වනවිට පැමිණ තිබේ. තවත් නෞකා දෙකක් මේ මාසය තුළ මෙරටට පැමිණීමට නියමිතයි.

පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල දී ද නෞකා 7 බැගින් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත. ඒ වෙනුවෙන් රාජ්‍ය බැංකුවලින් ණය පහසුකම් ඉල්ලා තිබේ.

අවම කප්පාදුවක් සහිතව ජනතාවට විදුලිය සැපයීමට ක්‍රියාකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය සහතික වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම