චීන ජනපති ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාවේ හත්වන සමුළුව අමතයි
2023-01-25 14:29:18
Share with:

ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාවේ හත්වන සමුළුව අඟහරුවාදා(24)ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර දී පැවැත්විණ. CELACහි වාරික සභාපතිත්වය දරන රට වන ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරයාගේ ආරාධනාවට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් එම සමුළුව ඇමතීය.

ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු දූපත් කලාපයේ ඒකාබද්ධ ක්‍රියාවලියට චීනය සැමවිටම සහාය දෙන බව හෙතෙම පැවසීය. CELAC සමඟ සබඳතා වර්ධනය කිරීම ඉතා වැදගත් කොට සලකන චීනය, සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගීතාව තහවුරු කරමින් දකුණු-දකුණු සහයෝගීතාව ඉදිරියට ගෙන යාමෙහි CELAC වැදගත් හවුල්කරුවෙකු ලෙස සැලකේ.

වර්තමාන ලෝකය වෙනස්වන, කැලඹීම් සහිත කාල පරිච්ඡේදයකට අවතීර්ණ වෙමින් සිටින බවත්, සමගිය හා සහයෝගීතාව ශක්තිමත් කිරීම අභියෝගවලට මුහුණ දිය හැකි එකම විසඳුම බවත් ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම උදෙසාත්, ප්‍රශස්ත අනාගතයක් ඒකාබද්ධව නිර්මාණය කරගැනීම උදෙසාත් ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් පසුවන බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම