හාවාගේ වසරේ එරටට පැමිණි පළමු චීන සංචාරක පිරිසට පිලිපීනයේදී ගෞරවාන්විත පිළිගැනීමක්
2023-01-25 14:41:20
Share with:

චීනයේ සාම්ප්‍රදායික හාවාගේ වසරේ පිලිපීනයට පැමිණි පළමු චීන සංචාරක කණ්ඩායම පිළිගැනීමට එරට සංචාරක ඇමතිනි Cristina Garcia Frasco මහත්මිය සහ එරට චීන තානාපති Huang Xilian මහතා මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙති.

පිලිපීනයට චීන සංචාරකයන් පැමිණීම නව වසරට සුබ ආරම්භයක් සනිටුහන් කරන බව එරට සංචාරක ඇමතිනි Frasco මහත්මිය පැවසුවාය. ජනවාරි 3 වනදා පිලිපීන ජනාධිපතිවරයාගේ චීන රාජ්‍ය සංචාරයෙන් ධනාත්මක ප්‍රතිඵල අත්වූ බව ද එමගින් සනාථ වෙයි. පිලිපීනය චීන මිතුරන් ඕනෑම අවස්ථාවක පිළිගන්නා බව ද ඇය ප්‍රකාශ කළාය.

චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නිවේදනයකට අනුව, ශ්‍රී ලංකාව, පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, කාම්බෝජය, මැලේසියාව, සිංගප්පූරුව, ලාඕසය, රුසියාව, නවසීලන්තය, ආර්ජන්ටිනාව ප්‍රමුඛ රටවල් 20ක් ප්‍රථම විදේශ සංචාරයන්ට අදාළ නම් ලැයිස්තුවට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම