පොළී අනුපාතික වෙනස් නොවන බව මහ බැංකුව කියයි
2023-01-25 14:49:40
Share with:
ප්‍රතිපත්ති පොළී අනුපාතික සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.5% ක් ලෙසත් දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කර ඇත.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද 4% ක් ලෙස නොවෙනස්ව පවතී.