යුරෝපා සංගමයේ සහ බ්‍රිතාන්‍යයේ නව සම්බාධකවලට ඉරානයේ දැඩි විරෝධය
2023-01-24 15:32:15
Share with:

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක මොහොමඩි කානි මහතා අද (24) නිවේදනයක් නිකුත් කරමින්, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය විසින් ඉරානයට පනවා ඇති නවතම සම්බාධක දැඩි ලෙස හෙළාදැකීය. ඔවුන්ගේ මෙම ක්‍රියාවලින් පෙන්නුම් කෙරෙන්නේ ඉරානය නිසි ලෙස  වටහා ගැනීමට බටහිරට ඇති නොහැකියාව සහ ඉරානය සම්බන්ධයෙන් එහි ප්‍රතිපත්තිය අසාර්ථක වීම නිසා බලාපොරොත්තු සුන්වීම, කලකිරීම හා කෝපයයි. විදේශ මැදිහත්වීම් සහ කුමන්ත්‍රණ සමග ක්‍රියාකිරීමට සිදුවුව ද ඉරාන ජනතාවගේ අධිෂ්ඨානයට සම්බාධක බලනොපාන බව බටහිර රටවල් හොඳින් දන්නේ යැයි ද කානි මහතා අවධාරණය කළේය.

යුරෝපා සංගමයේ වාරික සභාපතිත්වය දරන රට වන ස්වීඩනය ඊයේ (23) සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ, යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක දී ඉරානයට එරෙහිව නව සම්බාධක වටයක් අනුමත කර ඇති බවයි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම