හාවාගේ වසර උදාවීම නිමිත්තෙන් සැමරුම් උත්සව ලොවපුරා
2023-01-24 18:41:53
Share with:

වසන්ත උත්සවය ලොව පුරා සිටින චීන ජාතිකයන්ට වැදගත් සංස්කෘතික උත්සවයකි. ඉකුත් දින දෙකේ වසන්ත මංගල්‍යය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කිරීම සඳහා බොහෝ රටවල වර්ණවත් සැමරුම් උත්සව රාශියක් පැවැත්විණි.

කැනඩාවේ වැන්කුවර් නගරයේ අලුත් අවුරුදු පෙරහැර දශක ගණනාවක් තිස්සේ පවත්වනු ලැබේ. මෙවර උත්සවය සඳහා 5,000 කට අධික පිරිසක් සහභාගි වන අතර, නරඹන්නන් 100,000  ඉක්මවූ පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නේපාලයේ, චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ නේපාල සිසුහු පිරිසක් වසන්ත උත්සවය නිමිත්තෙන් සාදයක්  පැවැත්වූහ. චීන ගැයුම් හා නැටුම් සංදර්ශන මෙන්ම කාව්‍ය ගායනාවලින් උත්සවයේ ආකර්ෂණය ඔප්නැංවිණ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම