ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කෙරේ
2023-01-24 15:51:58
Share with:

කොළඹ ගුවන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අයකෙරෙන සංතරණ ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

මෙම ගාස්තු පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරන බව අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මෙම ගාස්තු අයකිරීම සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් සිදුකෙරෙන අතර, 1985 වර්ෂයෙන් පසු මෙම ගාස්තු සංශෝධනය කර නැති බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව, ජාත්‍යන්තර ගුවන් ගමන් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කර මෙම පියවර ගෙන ඇතැයි ද ඔහු කියාසිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම