ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය පහළට
2023-01-24 15:34:45
Share with:

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඉකුත් දෙසැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 59.2% ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  නොවැම්බර් මාසයේ මෙම අගය 65% ක් ලෙස වාර්තා වී තිබිණ.

ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ඉකුත් නොවැම්බර් මාසයේ පැවති 69.8% සිට දෙසැම්බර් මාසයේ දී 59.3% ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ දී  60.4% ක් වූ අතර,  දෙසැම්බර් මාසයේ දී එය 59% ක් දක්වා පහළ ගොස් ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම