කැලිෆෝනියාවේ වෙඩි තැබීමෙන් මියගිය අය අතර චීන ජාතිකයන් ද සිටින බව චීන කොන්සල් ජනරාල් කාර්යාලය කියයි
2023-01-24 15:11:22
Share with:

චීන පුරාණ ලිත් ක්‍රමය අනුව අලුත් අවුරුද්ද උදා වූ, පසුගිය 21 වැනිදා  ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ Monterey Park හි චීන ප්‍රජාව වෙත දරුණු වෙඩි ප්‍රහාරයක් එල්ල විය. මෙම සිද්ධියෙන් 10 දෙනෙකු මිය ගිය අතර, තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇත.

ලොස් ඇන්ජලීස් හි චීන කොන්සල් ජනරාල් කාර්යාලය මේ සම්බන්ධයෙන් කියාසිටියේ, චීන ජාතිකයන් නව වසර සමරන අවස්ථාවේ, චීන ප්‍රජාව වෙත දරුණු වෙඩි ප්‍රහාරයක් එල්ලවීම සියලු දෙනාටම දැඩි කම්පනයත් ඇති කළ සිදුවීමක් බවයි.

ඇමරිකාවේ චීන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවල ජාතික ධජ අඩකුඹු කර තිබේ.

ලොස් ඇන්ජලීස් හි චීන කොන්සල් ජනරාල් කාර්යාලය සිද්ධිය පිළිබඳ පශ්චාත් විමර්ශන ප්‍රගතිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන අතර, නිසි කලට නිසි පියවර ගනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම