ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්
2023-01-24 16:25:42
Share with:

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක් ලබාදෙයි. අදාළ චෙක්පත  කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (23) නිල වශයෙන් බාරදෙනු ලැබීය.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන්  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේ ලද මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා දී තිබේ.

මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මීට පෙර අවස්ථා ගණනක දී මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුළු මුදල  රුපියල් මිලියන 3382ක් වන අතර එකවර රුපියල් බිලියන තුනක්  ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට  රුපියල් මිලියන 500ක ප්‍රදානයක් ලබාදීමට පියවර ගෙන ඇති අතර, ඉන් රුපියල් මිලියන 100 කට අදාළ චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ. ජනාධිපතිවරයා එම චෙක්පත සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත බාර දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම