තම රට සමග සාම ගිවිසුමකට එළඹීමට ජපානයට අවශ්‍ය නමුත් මෙය ඊට සුදුසු අවස්ථාව නොවන බව රුසියාව කියයි
2023-01-24 16:06:02
Share with:

ජපානය සහ රුසියාව සාම ගිවිසුමකට එළඹීම කෙරෙහි තමා තවදුරටත් අවධානය යොමු කරන බව, ජපාන අගමැති Fumio Kishida මහතා කියාසිටී. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ සිය ප්‍රතිපත්ති පිළිබඳව ඊයේ(23) පැවැත්වූ දේශනයක දී ය.

මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් Dmitry Peskov මහතා පවසන්නේ, රුසියාව සහ ජපානය අතර සැලකිය යුතු සංවාදයක් දැනට නොමැති බවයි.

ජපානය හිතාමතාම රුසියාවට හිතකර නොවන රටවල් සමඟ එක්ව සිටින අතර, රුසියානු-ජපාන සබඳතා පිළිබඳ ක්‍රියාකාරීත්වයක් හෝ උත්සාහයක් පෙන්නුම් කර නැතැයි ද, Dmitry Peskov මහතා අවධාරණය කළේ ය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ රුසියානු-යුක්රේන ගැටුම ඇතිවීමෙන් පසු, රුසියාවට සම්බාධක පැනවීමේදී ජපානය ඇමරිකාව අනුගමනය කර තිබේ. එබැවින් ජපානය මිත්‍රශීලී නොවන රටක් ලෙස ලැයිස්තුගත කිරීමට රුසියාව පියවර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම