කොමිෂන් සභා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැස්වේ
2023-01-23 16:18:20
Share with:

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු තීරණ කිහිපයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (23) රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඇතුළත් සිවිල් නියෝජිතයෝ  තිදෙනා පසුගිය සතියේ  පත්කරනු ලැබූහ. ආචාර්ය ප්‍රතාප් රාමනුජන් මහතා සහ වෛද්‍ය අනුලා විජේසුන්දර, ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්මීහු ඊට ඇතුළත් වෙති.

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා  විපක්ෂයේ සෙසු පක්ෂ වෙනුවෙන් නියෝජිතයෙකු තවමත් පත්කර නොමැති අතර, අද (23) සාකච්ඡාවේ දී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට ද නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පත්කරනු ලැබුවේ, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව යි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම