2022 උසස් පෙළ විභාගය ඇරඹේ
2023-01-23 14:41:00
Share with:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23)  ඇරඹේ. එය ලබන මස 17 වැනිදා තෙක් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2200 ක දී පැවැත්වේ.

මෙවර සිසුහු තුන්ලක්ෂ 31 දහස් 709 ක් විභාගයට පෙනී සිටිති. ඉන් දෙලක්ෂ 78 දහස් 196 ක් පාසල් අයදුම්කරුවෝ වෙති.

මෙවර විභාගය සඳහා පෙනී සිටින සිසුන් ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය හෝ බලයලත් නිලධාරියෙකු විසින් සහතික කරන ලද අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. ප්‍රමාදයන් නිසා ඇතිවන ගැටළු වළක්වා ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අපේක්ෂකයන්ට දැනුම් දී ඇත. ඉකුත් අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව පැවති උසස්පෙළ විභාගය වසංගත අර්බුදය හා විවිධ ගැටළු හේතුවෙන් ජනවාරි මාසය දක්වා කල් දැමිණ.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම