සංචාරකයින්ට කොවිඩ් සීමා පැනවීම පිළිබඳ නවතම තීරණයක්
2023-01-22 16:20:28
Share with:

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මේ මොහොතේ නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

වර්තමානයේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී නව නීති මාලාවක් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවට හඳුනාගෙන ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.

යම් හෙයකින් එවැනි නීති මාලාවක් හඳුන්වා දෙන්නේනම් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා පමණක් එය ක්‍රියාත්මක කිරීමට ද පසුගියදා පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළව ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම