උසස් පෙළ විභාගය හෙට(23) ඇරඹේ-දරුවන්ට පිළිතුරු ලිවීමට අමතර විනාඩි 10ක්
2023-01-22 16:43:11
Share with:

2022 - 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (23) සිට විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්වීමට නියමිතය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පිළිතුරු සැපයීමට නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රචනා ප්‍රශ්න පත්‍රය ලබා දී නියමිත පැය 3ක කාලය අවසන් වු පසුව එම අමතර විනාඩි 10ක කාලය සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී පැවසීය.

මීට අමතරව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටී. විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම