චීනය ලෝක වර්ධනයේ ධාවකයා බව ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් පවසයි
2023-01-22 16:05:40
Share with:
ලෝක ආර්ථික සංසදයේ 2023 වාර්ෂික සැසිය පසුගිය 20වැනිදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී අවසන් විය.
ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය මෙම සැසියට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, වර්තමාන ලෝක සංවර්ධනය මුහුණ දෙන ගැටළු සැබෑ ලෙස විසඳීම සඳහා, පෙර නොවූ විරූ සහයෝගීතාවයක් අනාගතයේ දී දියත් කළ යුතු බව මෙවර ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සැසිය ගෝලීය ප්‍රජාවට මතක් කර දී ඇති බවයි.
චීනය ලෝක සංවර්ධනය ඉදිරියට ධාවනය කරවන එන්ජිමයි. චීනය නැවත විවෘත කිරීම ලෝකයට ධනාත්මක අපේක්ෂාවකි. බහුපාර්ශ්විකත්වය ලෝකයට සමෘද්ධිය ගෙන එන බව, Ngozi Okonjo-Iweala මහත්මිය අවධාරණය කළා ය.