චීන-ආර්ජන්ටිනා සබඳතාව අන්‍යෝන්‍ය වශයෙන් පොදු ජයග්‍රහණ ලබා ගැනීමේ වැදගත් පියවරක්-ආර්ජන්ටිනා ජනපති
2023-01-22 18:30:36
Share with:

 

චීන-ආර්ජන්ටිනා සබඳතාව ශක්තිමත් සහ සහයෝගීතාව ඉහළ නැංවීමේ විශාල හැකියාවක් තිබෙන බව ආර්ජන්ටිනා ජනාධිපතිවරයා පවසයි. 

පසුගිය දා චීන මාධ්‍ය සමූහයේ සාකච්ඡාවකට එක් වෙමින් ආර්ජන්ටිනා ජනාධිපති Alberto Fernández මහතා මේ බව ප්‍රකාශ කළේය. ආර්ජන්ටිනා ජාතිකයෙකු ලෙස, රට අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේදී සහාය ලබා දීම පිළිබඳව චීන රජයට ස්තූති පළ කරන බව හෙතෙම පැවසීය. චීනය සමඟ මුදල් හුවමාරු කිරීම ආර්ජන්ටිනා වෙළඳ ප්‍රජාවගේ යහපතට ඉවහල් වී තිබේ. කෘෂිකාර්මික නිෂ්පාදන, කර්මාන්ත, ධාන්‍ය, ලිතියම් සහ ස්වාභාවික ගෑස් යන ක්ෂේත්‍රවල චීන සමාගම් රැසක් ආර්ජන්ටිනාවේ කටයුතු කරති. යහපත් සබඳතාවේදී වඩා යහපත් බැඳීම් නිර්මාණය කර දුරස් වීම් තුරන් කළ හැකි බවට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසූ දේ සත්‍යයක් වී ඇත.

චීනය ආර්ජන්ටිනාවේ ආයෝජනය කළ ක්ෂේත්‍ර චීන සංවර්ධනයේදී මුහුණ දෙන අභියෝග හා  සම්බන්ධ වන බව Alberto Fernández මහතා සඳහන් කළේය. බලශක්තිය සහ ආහාර යන ක්ෂේත්‍ර දෙක, චීනය වැඩියෙන්  ආයෝජනය කරන ක්ෂේත්‍ර දෙකයි. ආර්ජන්ටිනාවට එම ක්ෂේත්‍ර නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබේ. අන්‍යෝන්‍ය වශයෙන් පොදු ජයග්‍රහණ ලබා ගනිමින් සහයෝගිතා පැවැත්වීම ආර්ජන්ටිනාව අපේක්ෂා කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය. අදාළ ආයෝජනය පතල් කැණීම හෙවත් සම්පත් වලට පමණක් සීමා නොවේ. චීනයේ ආයෝජනය මගින් අදාළ සම්පත් වල වටිනාකම වැඩිකර ගැනීමට හැකිවනු ඇතැයි ද හෙතෙම අපේක්ෂා පළ කළේය.  



 

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම