වසන්ත උත්සව සංස්කෘතික කලා සංදර්ශනයට එතෙර චීන ප්‍රේක්ෂකයින්ගෙන් පැසසුම්
2023-01-22 14:53:50
Share with:

මෙම වසරේ වසන්ත උත්සව සංස්කෘතික කලා සංදර්ශනය ඉතා ආකර්ෂණීය බව එතෙර චීන ජාතිකයෝ පවසති .

ඊයේ (21) චීන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලයන්හි කාර්ය මණ්ඩලය, චීන ආධාර ලබන ව්‍යවසායන්හි සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු එතෙර චීන ජාතිකයින් රැසක් මෙම වසන්ත උත්සව සංස්කෘතික කලා සංදර්ශනය නැරඹූහ. මෙවර වසන්ත උත්සව කලා සංස්කෘතික සංදර්ශනය ආකර්ෂණීය එකක් මෙන්ම  අලුත් අවුරුදු උදාවේදී වසන්ත උත්සව සංස්කෘතික කලා සංදර්ශනය නැරඹීමට හැකිවීම, උණුසුම් හා මිත්‍රශීලී බවක් දැනෙන්නේයැයි ද  බොහෝ අය පැවසූහ.

ඉන්දියාවේ චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක Chen Jianjun මහතා කියා සිටියේ ඉතාම නවතාවයෙන් යුත් මෙවර වසන්ත සැණකෙළි උළෙල සාම්ප්‍රදායික චීන සංස්කෘතිය සහ නවීන තාක්ෂණය ඉතා හොඳින් ඒකාබද්ධ කරන බවයි.

මේ වසරේ වසන්ත උත්සව සංස්කෘතික කලා සංදර්ශනය ඉතා සුවිශේෂී බව චීන ආධාර ලබන ව්‍යවසායකයෙකු වන Li Ya පැවසුවේ ය. සමස්ත වාතාවරණය සතුට හා සාමකාමී බවින් යුක්ත වන අතර එය චීනයේ නව සමෘද්ධිමත් යුගය සහ ජනතාවගේ සෞභාග්‍යමත් ජීවිතය පෙන්නුම් කර ඇතැයි Li Ya පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම