විද්‍යාත්මක පර්යේෂණ මත පිහිටා වසංගතය කළමනාකරණය කරන චීනය
2023-01-21 15:45:23
Share with:

2022 වසරේ චීනයේ සමස්ත ආනයන සහ අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 40 ඉක්මවමින් වාර්තාගත අගයක් සටහන් කළ බව පසුගියදා මාධ්‍ය වාර්තාවන්හි පළවිය. සමස්ත ලෝකයම ඉතා අසීරු, පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ පෑ කාල වකවානුවක මෙවන් සාර්ථකත්වයක් අත්කර ගැනීමෙන්ම, චීනය වසංගත අභියෝගයට නිසි සැලසුම් සහිතව මුහුණ දුන් බව සනාථ වී ඇතැයි ප්‍රවීණ ව්‍යවසායක, 'ඇගෙල්ටා කන්ස්ට්‍රක්ෂන්' ඉදිකිරීම් සමාගමේ සභාපති, ඉංජිනේරු සුරංග මනෝහර මහතා කියාසිටී.

ගෙවී ගිය වසර තුනක කාලය තුළ චීනය කොරොනා රැලි කිහිපයකටම මුහුණ පෑවේය. එම අවස්ථා සියල්ලම කළමනාකරණය කරගැනීමට චීන බලධාරීන් සමත් වූයේ නිසි කලට, නිසි තීරණ ගැනීම හේතුවෙනි. කොරොනා වෛරසයේ, බරපතල සංකූලතා ඇතිකරන ප්‍රභේද පැතිර යන අවස්ථාවල දී දැඩි පාලන ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඒවායේ ව්‍යාප්තිය වළක්වා ගැනීමට ඔවුහු සමත් වූහ. කෝටි 140 ක ජනගහණයක සුබ සිද්ධිය උදෙසා තීරණ ගැනීමට සිදුවන්නේ අතිශය සැලසුම් සහගතව හා දිගුකාලීන දැක්මකින් යුතුවය. එසේම, වසංගත කළමනාකරණ වැඩසටහන්වලදී අත්හදාබැලීම් සිදුකළ නොහැකිය. මන්ද එම තීරණ මිනිස් ජීවිතවල සුරක්ෂිතභාවය හා බැඳී ඇති බැවිනි.

චීනය සෑමවිටම විද්‍යාත්මක පර්යේෂණ මත පිහිටා තීරණවලට එළඹුණේ මේ වගකීම නිසි ලෙස වටහා ගනිමින් බව සුරංග මනෝහර මහතා කියාසිටී.

රටක තිරසර ඉදිරි ගමන සංවර්ධනය හා බැඳී පවතී. වසංගත අභියෝගය හා සංවර්ධන ප්‍රයත්න සමගාමීව මෙහෙයවා ගත හැකි අවස්ථාවක චීනය තම ප්‍රතිපත්ති සංශෝධනය කර ඇත. ව්‍යවසායන් හා ආයෝජන දිරිගන්වමින් වඩා විවෘත ප්‍රවේශයකට ඔවුහු එළඹ සිටිති. ජනජීවිතයේ පැවැත්ම හා ආරක්ෂාවට එහිදී ද නිසි ප්‍රමුඛතාව ලබා දී තිබීම ද කැපීපෙනේ. 

වසංගතය දරුණු වූ මුල් කාලයේ පවා ඉතා කල්පනාකාරීව සංවර්ධන සැලසුම් මෙහෙයවා ගත් චීන බලධාරීන් පවතින තත්ත්ව මනාව වටහා ගනිමින් අනාගත ඉලක්ක කරා රට ඉදිරියට රැගෙන යන බව නිසැක ය. එසේම, එහිදී ඇතැම් පාර්ශ්වයන්ගෙන් එල්ලවන පදනම් විරහිත චෝදනා හෝ අපවාද හමුවේ එම ගමන නතර නොවනු ඇතැයි ද ප්‍රවීණ ව්‍යවසායක, ඉංජිනේරු සුරංග මනෝහර මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම