විද්‍යාත්මක ක්‍රමවේද මත පදනම්ව චීනය සැලසුම් සහගතව වසංගත සීමාවන් ලිහිල් කිරීම නිවැරදි මෙන්ම ප්‍රඵලදායකයි
2023-01-21 20:20:36
Share with:

චීනය පසුගිය වසර තුනක කාලය තුළ කොවිඩ් වසංගතය හමුවේ සිය ආර්ථික ශක්තිය ‍ආරක්ෂා කර ගනිමින්, වසංගතය පාලනය කරගත් ආකාරය ඉතා ප්‍රශංසනීය වේ. ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් ලෙසත්, වසංගත පාලන කටයුතුවලට සක්‍රීයව දායක වූ වෛද්‍යවරයෙක් ලෙසත්, අන් රටවලට සාපේක්ෂව චීනය මෙම වසංගතය පාලනය කර ගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය අගය කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා පවසයි.

ලෝකයේ වාර්තා වූ කොවිඩ් මරණවලට සාපේක්ෂව චීනයේ මරණ සංඛ්‍යාව ඉතා අඩු අගයක් ගනී. කඩිනමින් සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් මෙම ජයග්‍රහණයට ප්‍රබලම හේතුවක් විය. එමෙන්ම මහජන සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාවේ සාම්ප්‍රදායික මූලධර්ම වර්තමානයට ද වලංගු වන බව චීනය ප්‍රායෝගිකත්වය තුළින්ම පෙන්නුම් කර ඇත.

උසස් තාක්ෂණය භාවිත කරමින්, සියලු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ලෙස නිරීක්ෂණය කළ හැකි යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීමට චීනය සමත් විය. දත්ත, පර්යේෂණ හා විශ්ලේෂණ මත සිය ප්‍රතිපත්ති සකස් කරමින් සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ නිෂ්පාදනය කරමින් ඒවා චීනයට පමණක් නොව කඩිනමින් ලෝකය සමග හුවමාරු කර ගැනීමට ක්‍රියා කළ බව හෙතෙම කියා සිටී. ඉහළම එන්නත්කරණ ආවරණයක් සහිත රටක් ලෙස චීනය එන්නත් නිෂ්පාදනය හා බෙදාහැරීම ද කාර්යක්ෂමව සිදු කර ඇත.

වර්තමානයේ වසංගත සීමාවන් ලිහිල් කිරීමේ දී විද්‍යාත්මක ක්‍රමවේද මත පදනම්ව, සමීප විශ්ලේෂණයකින් හා පසු විපරමකින් යුතුව චීන රජය කටයුතු කිරීම සුවිශේෂී වේ. මෙය ලොව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන්ට මනා මගපෙන්වීමක් ලබා දෙන බව ද විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම