ලෝ පුරා චීන ප්‍රේක්ෂකයින් වසන්ත උත්සව කලා සංදර්ශන සජීව විකාශය හා එක් වෙයි
2023-01-21 20:26:40
Share with:

චීන ලිත් ක්‍රමයට අනුව, අද පරණ අවුරුදු දිනයයි. රාත්‍රී අටට, චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද, සරුසාර සංස්කෘතික සංග්‍රහයක් ලෙසට සැලකෙන ‘වසන්ත උත්සව කලා සංදර්ශනය’ ලොව පුරා සිටින චීන ජාතිකයින් වෙත විකාශය ආරම්භ විය.

දස කෝටි සංඛ්‍යාත චීන ප්‍රේක්ෂකයෝ, රූපවාහිනියෙන් හෝ ඡංගම දුරකථනයෙන් එම සජීවි සංයුක්ත සංදර්ශනය නරඹමින් සිටිති. එය ලෝකයේ වැඩිම නැරඹීම සහිත කලා සංදර්ශනය වශයෙන් ගිනස් ‍ලෝක වාර්තා පොතට එක්ව ඇත. වසර 1983නේ සිට සෑම පරණ අවුරුදු රාත්‍රියකදීම එය චීන ප්‍රේක්ෂකයින්ට සංස්කෘතික වින්දනයක් වී තිබිණ.

වසර 2023 වසන්ත උත්සව කලා සංදර්ශනය, ‘චින්තනය, කලාව හා තාක්ෂණය’ සංකල්පයට අනුව චීන විශිෂ්ඨ සංස්කෘතිකාංග, ප්‍රායෝගික ජීවිතය හා දීප්තිමත් ලෝක ශිෂ්ටාචාර තුළින් සාරවත් දෑ එක්රැස් කර නවීණ කලා ශිල්ප හා ආලෝක තාක්ෂණය ද යොදා ගනිමින්, නැටුම් ගැයුම්, ප්‍රහසන සංවාද, කෙටි හාස්‍යජනක නාට්‍ය, ඔපෙරා, වූශූ සටන් කලාව හා කරණම් ඇතුළු විශේෂාංග ප්‍රේක්ෂකයින් වෙත ගෙන එයි.

මෙම වසරේ වසන්ත උත්සව කලා සංදර්ශනය සඳහා 4K/8K, AI සහ XR වැනි නව තාක්ෂණයන් පුළුල් ලෙස භාවිතා කෙරෙනු ඇති බව තවත් විශේෂත්වයකි. තාක්ෂණික නවෝත්පාදනයන් යොදා ගැනීමේදී "පළමු අවස්ථා" රාශියක් සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කෙරේ. පළමු වතාවට, "8K අධි-විභේදන(HD)සමඟ අධි ශ්‍රව්‍ය විචිත්‍ර " තාක්ෂණයෙන් කලා සංදර්ශනය සජීවී විකාශනය තහවුරු කෙරේ. ප්‍රථම වතාවට චීන දේශීය තාක්‍ෂණයෙන් යුත් 8K අධි-විභේදන කැමරා භාවිත කර වැඩසටහන් නිෂ්පාදනය කෙරෙනු ඇති අතර ජීවමාන අථත්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට XR සහ AR වැනි අති නවීන තාක්ෂණයන් භාවිතා කෙරේ.

වසර 2023 වසන්ත උත්සව කලා සංදර්ශනයෙන් ලෝ පුරා සිටින චීන ජාතිකයින් වෙත, උදා වන හාවාගේ වසරට නව බලාපොරොත්තු එකතු කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම