චීන වසන්ත උත්සව කලා සංදර්ශනය සඳහා වූ ප්‍රදර්ශන ලෝ පුරාම
2023-01-21 16:41:48
Share with:

චීන මාධ්‍ය සමූහයේ 2023 චීන වසන්ත උත්සව කලා සංදර්ශනයේ ප්‍රචාරක කටයුතු ලෝකයේ විවිධ රටවලදී පැවැත්වේ.  

චීන වසන්ත උත්සවය නිමිත්තෙන් රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි Ostankino රූපවාහිනි කුළුණ “චීන රතු” වර්ණයෙන් ආවරණය කෙරේ. චීන මාධ්‍ය සමූහයේ 2023 චීන වසන්ත උත්සව කලා සංදර්ශනයේ ලාංඡනය යුරෝපයේ ඉහළම ගොඩනැගිල්ලේ ප්‍රථම වරට ප්‍රදර්ශනය වනු ඇත. එමෙන්ම "රුසියානු ජනතාව චීන ජනතාවට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරයි "සහ "හාවාගේ සුබ වසර" යන චීන රුසියා ද්විභාෂා ආශිර්වාද කුළුණ මත මුද්‍රණය කිරීමෙන්, දෙරටේ ජනතාව මිත්‍රත්වයෙන් යුතුව නව වසන්තය පිළිගන්නා අයුරු පිළිබිඹු කෙරේ. 

ඊට අමතරව, චීන මාධ්‍ය සමූහයේ 2023 චීන වසන්ත උත්සව කලා සංදර්ශනයේ ප්‍රතිචාර වීඩියෝ වැඩසටහන ප්‍රථමවරට ඇමරිකාවේ නිව් යෝර්ක්හි පිහිටි Empire State ගොඩනැඟිල්ලේදී එළිදැක්විණ. අද (21) රාත්‍රියේ එම ගොඩනැගිල්ල චීන රතු පැහැයෙන් ආලෝකවත් වී හාවාගේ වසර පිළිගනු ඇත.

චීන චන්ද්‍ර දින දර්ශනයේ අලුත් අවුරුද්ද උදා වීමට පෙර, චීන මාධ්‍ය සමූහය විසින් සකස් කරන ලද චීන අලුත් අවුරුදු ආලෝක සංදර්ශනය ඩුබායි හි සුප්‍රසිද්ධ සන්ධිස්ථානය මෙන්ම ලෝකයේ උසම ගොඩනැගිල්ල වන Burj Khalifa හි වසර හතරක් අඛණ්ඩව ප්‍රදර්ශනය කරමින් ලොව පුරා සිටින චීන ජාතිකයන්ට සුබ පැතුම් පිරිනමා ඇත. එමෙන්ම අදාළ උත්සව කලා සංදර්ශනයේ ප්‍රතිචාර වීඩියෝ වැඩසටහන ලොව පුරා එළිමහන් විශාල තිර සහ රඟහල 1,600 කට අධික සංඛ්‍යාවක ප්‍රදර්ශනය කෙරේ. චීන වසන්ත උදාව ලොව බොහෝ ප්‍රසිද්ධ ස්ථානයන්හි ආලෝකවත්ව සලකුණු කරමින්, චීන මාධ්‍ය සමූහය හාවාගේ වසර සහ අලුත් අවුරුදු උදාව නැරඹීමට ගෝලීය ප්‍රේක්ෂකයින්ට ආරාධනා කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම