ත්‍රිකුණාමලයට රුපියල් මිලියන 614 සංචාරක ව්‍යාපෘතියක්
2023-01-21 16:59:49
Share with:
ත්‍රිකුණාමලයේ කුච්චවේලි ප්‍රදේශයේ රුපියල් මිලියන 614ක වියදමෙන් ප්‍රජා මූලික සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
දකුණු කොරියානු ආධාර යටතේ ක්‍රියාවට නැංවෙන මෙම ව්‍යාපෘතිය සඳහා වොන් බිලියන 2.172 ක මූල්‍ය ආධාර ලබා දීමට දකුණු කොරියාව එකඟ වී ඇති බව කැබිනට් ප්‍රකාශය මඟින් අනාවරණය විය.
එහි පළමු අදියර ලෙස අදාළ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියේ සම්පූර්ණ සැලැස්ම සකස් කිරීම, පුහුණු වැඩසටහන සකස් කිරීම සහ නියමු පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඉදිරියේදී ආරම්භ වීමට නියමිතය.