විශ්‍රාම වැටුප් ගෙවීමේදී අසාධ්‍ය සහ රෝහල්ගත පුද්ගලයින්ට විශේෂ අවධානයක්
2023-01-21 16:44:51
Share with:

අසාධ්‍ය රෝගී තත්ත්වයන්ට ගොදුරු වී, රෝහල්ගතව සිටින විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශේෂ මැදිහත්වීමක් කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

19 වැනිදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් සහ ලැබිය යුතු සහන පිළිබඳ සොයාබලා, දැනට ඉටු නොවන කරුණු වාර්තා කිරීම සඳහා, රාජ්‍ය අමාත්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 



ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම