චීනය ලෝකයට සුබ ආරංචියක් ගෙන එයි ---- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්
2023-01-21 15:38:51
Share with:

දින 5ක් පුරා පැවති ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සැසිය ඊයේ(20) ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී අවසන් විය.

එහිදී ලෝක ආර්ථික සංසදයේ සභාපති Borge Brende මහතා අවසාන දේශනයේදී පැවසුවේ, ගෝලීය ආර්ථික බෙදීයාම  නැවැත්වීම සඳහා, ගෝලීය ආර්ථික අවපාතය වළක්වා, ශක්තිමත් වර්ධන න්‍යාය පත්‍රයක් ගොඩනැගීම ඉතා වැදගත් වන බවයි. ඒ සඳහා ඇති එකම මාර්ගය එකමුතු වීම බව ඔහු පැවසීය.

ලෝක ආර්ථික සංසදයේ 2023 වාර්ෂික සැසියේදී, එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධන සමුළුවේ මහාලේකම් Rebeca Grynspan මහත්මිය පෙන්වා දුන්නේ, චීනයේ සංවර්ධනය සහ විවෘතභාවය ලෝකයට සුබ ආරංචියක් ගෙන දී ඇති බවයි.

වෙළඳ බෙදීම ගෝලීය සංවර්ධනය සඳහා හිතකර නොවේ. ගෝලීය ආර්ථික පද්ධතියේ පොදු කොටස් ලෙස චීනය සහ ඇමරිකාව, ලෝකයට අවශ්‍ය වන බවත්, මෙය සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉතා වැදගත් වන බවත්, ඇය අවධාරණය කළා ය.

චීනයේ “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ සංවර්ධනය වෙමින් පවතින රටවල ඵලදායිතාව ඉහළ නැංවිය හැකි අතර, මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනයටත් දායක වන බව, Rebeca Grynspan මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම