චීනයේ හරිත මෙහෙයුම ගෝලීය අඛණ්ඩ සංවර්ධනයට ශක්තිය එක් කරනු ඇත
2023-01-20 19:36:12
Share with:

චීනයේ හරිත මෙහෙයුම ගෝලීය අඛණ්ඩ සංවර්ධනයට තවත් ශක්තිය එකතු කරනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ බෙයිජිංහි අද(20) පැවති මාධ්‍ය හමුවකදී, මාධ්‍ය වේදියෙකු නැඟූ අදාල ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. පෘථිවියේ හරිතකරණය සඳහා චීනයේ කැපවීම් පිළිබඳව එම මාධ්‍යවේදියා විමසුවේය.

‘නිසරු පොලොව’, ‘ශුන්‍ය වර්ධනය’ හමුවේ එය ජයගත් පළමු රට චීනය බවත් චීනයේ වනාවරණ අනුපාතය හා වන සංචිත ප්‍රමාණය යන සාධක දෙකම වසර තිහකට වැඩි කාලයක් පුරා අඛණ්ඩව වැඩිවූ බවත් ඔහු කීය. වායූ දූෂණ වැලැක්වීමට නොනවතින පියවර ගත් චීනයේ පරිසර ගුණාංගය නිශ්චිත ලෙස යහපත් වී තිබේ. මේ අතර කැපී පෙනෙන ලෙස කාබන් විමෝචනය අඩු කිරීම හා ඉතිහාසයේ කෙටිම කාලයකින් කාබන් විමෝචන උච්චතම තත්ත්වයේ සිට කාබන් උදාසීනත්වය දක්වා ගමන් කිරීමට චීනය ක්‍රියා කරමින් සිටියි. ගෝලීය කාබන් අවම කිරීමේ ඉලක්කයට චීන බලය එක් කරමින් ඊට කැපවීමට චීනය සූදානම් ව සිටින බව ද වං වෙන්බින් මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම