මෙම වසරේ චීන ආර්ථිකයේ ශක්‍යතා තවදුරටත් තහවුරු වන බව ලෝක බැංකුවේ උප සභාපති ප්‍රකාශ කරයි
2023-01-20 11:06:09
Share with:

මෙම වසරේ චීන ආර්ථිකයේ ශක්‍යතා තවදුරටත් තහවුරු වන බව ලෝක බැංකුවේ උප සභාපතිවරයා ප්‍රකාශ කරයි.

ලෝක බැංකුවේ උප සභාපති Axel van Trotsenburg මහතා ඊයේ(18) ස්විට්සර්ලන්තයේ Davos හි දී චීන මාධ්‍ය සමූහය අමතමින් මේ බව කියා සිටියේය. චීන-ඇමරිකානු සංවාදය මෙන්ම දෙපාර්ශවයේ පවතින සහ‍යෝගීතාව පුළුල් කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවලට හිතකර වනු ඇත. නව කොරොනා වසංගතය පාලනය සඳහා චීනය ගත් නව පියවර පැසසුමට ලක් කළ ඔහු, මෙම ක්‍රියාමාර්ගය ලෝක ආර්ථික වර්ධනයට ඉවහල් වන බව ද සඳහන් කළේය. මෙවැනි නව පියවර ක්‍රියාත්මක කිරීම මේ වසරේ චීන ආර්ථිකයට ගාමක බලයක් වන බව ගම්‍ය වේ. චීන ආර්ථිකය යළි ප්‍රබල ලෙස වර්ධනය වීම සමස්ත ලෝකයට සුභවාදී අපේක්ෂාවන් ජනිත කරන බව ද ලෝක බැංකුවේ උප සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම