අවශ්‍ය සහයෝගය ලබාදෙන්න සූදානම් - එස්.ජයිශංකර්
2023-01-20 16:52:24
Share with:

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා හමුවී තිබේ.

ඊයේ(19) එම හමුව සිදුව ඇති අතර එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇත.

යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව  මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරටට ආයෝජන ප්‍රවාහයන් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම