මේ වසරේ චීනයේ වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් ට්‍රිලියන 6,500 ඉක්මවයි
2023-01-20 10:41:07
Share with:

මේ වසරේ චීනයේ වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් ට්‍රිලියන 6,500 ඉක්මවා ඇත. පසුගිය 18වැනිදා චීනයේ බෙයිජිං හි පැවති ජාතික කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේ දී චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.

මෙම වසරේ දී ප්‍රධාන ධාන්‍ය සහ තෙල් භෝගවල අස්වැන්න වැඩි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා සෝයා බෝංචි සහ ඉරිඟු කෙරෙහි අවධානය යොමු කර තවත් විශාල ආහාර අස්වැන්නක් ලබා ගැනිම සඳහා කටයුතු කළ යුතු බව එහි දී පෙන්වා දුන්නේය. ආපදා වැළැක්වීමේ සහ අවම කිරීමේ යාන්ත්‍රණය වැඩි දියුණු කර, ධාන්‍ය වගා කිරීම සඳහා ගොවීන්ගේ සහ නව කෘෂිකාර්මික කළමනාකරණ ආයතනවල උද්යෝගය සම්පූර්ණයෙන්ම ප්‍රවර්ධනය කරමින් වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් ට්‍රිලියන 6,500 ඉක්මවා පවතින බව සහතික කළ යුතුය. එසේම, දිළිඳුකම පිටුදැකීමේ ජයග්‍රහණ තහවුරු කිරීම සහ පුළුල් කිරීම, ග්‍රාමීය ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරිත්වය ක්‍රමානුකූලව වැඩි දියුණු කිරීම, නව කෘෂිකාර්මික ව්‍යාපාරික ආයතන වගා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ බාහිර ලෝකයට දියුණු කෘෂිකාර්මික විවෘත කිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉලක්කගත පියවර ගැනීම අවශ්‍ය වන බව එම රැස්වීමේ දී අවධාරණය කෙරිණ.



ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම