චීන නව වසරේ ශුභාශිංසනය ලොව විශාලතම LED තිරය ඔස්සේ සමස්ත ලෝකය වෙත
2023-01-20 11:15:51
Share with:

චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඉදිරිපත් කෙරෙන සුවිශේෂ ආලෝක සංදර්ශනය ලොව උසම ගොඩනැගිල්ලේ දී පැවැත්වේ.

චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කෙරෙන එම ආලෝක සංදර්ශනය අද (20) සහ හෙට (21) යන දෙදින තුළ ඩුබායි හි පිහිටි ලොව උසම ‍ Burj Khalifa ගොඩනැගිල්ලේ දී පැවැත්වෙනු ඇත. ඩුබායි නගර මධ්‍යස්ථානයේ පිහිටි Burj Khalifa ගොඩනැගිල්ලේ උස මීටර් 828කි. එහි ඇති ලොව විශාලතම LED තිරය ඔස්සේ ඉදිරිපත් කෙරෙන ආලෝක සංදර්ශනය මගින් චීනයේ ශුභාශිංසනය සමස්ත ලෝකයට තිළිණ කෙරේ.

චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු අසිරිය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය වසර 4ක් තිස්සේ ඩුබායි හි Burj Khalifa ගොඩනැගිල්ලේ ආලෝක සංදර්ශනය පැවැත්වීමට කටයුතු කර තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම