ඇමරිකාව ණය පැහැර හැරීම වළක්වා ගැනීමට සූදානම් වෙයි
2023-01-20 11:23:16
Share with:

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ණය පැහැර හැරීම වළක්වා ගැනීම සඳහා විශේෂ පියවර ගනී.

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තු ලේකම් ජැනට් යෙලන් මහත්මිය ඊයේ (19) කොංග්‍රසයට ලිපියක් යොමු කරමින් කියා සිටියේ, ඩොලර් ට්‍රිලියන 31.4ක නීත්‍යනුකූල උපරිම ණය සීමාවට ළඟා වූ විට, ෆෙඩරල් ආණ්ඩුව ණය පැහැර හැරීම වළක්වා ගැනීම සඳහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඩොලර් ට්‍රිලියන 31.4 ක ණය සීමාව ඉහළ නැංවීම සඳහා කොංග්‍රසය කඩිනමින් පනතක් සම්මත නොකළහොත්, ඉදිරි මාසවලදී ෆෙඩරල් රජය මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ අභියෝග ඇතුළු විශේෂ ක්‍රියාමාර්ග “සැලකිය යුතු අවිනිශ්චිතතාවකට” මුහුණ දෙනු ඇතැයි ද යෙලන් මහත්මිය අනතුරු අඟවා ඇත.

1985 වසරේ සිට, ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ණය පැහැර හැරීම් වළක්වා ගැනීමට දස වතාවකට වඩා විශේෂ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම