ෂී ජින් පිං මහතා සියලුම චීන ජාතිකයින්ට වසන්ත උත්සව සුභ පැතුම් පිරිනමයි
2023-01-20 16:20:52
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය 2023 වසරේ වසන්ත උත්සවය සඳහා සාමූහිකව සුබ පැතුම් පිරිනැමීමේ රැස්වීමක් පවත්වයි.

එය අද(20) උදෑසන බෙයිජිංහි මහජන මහා ශාලාවේ පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා එම රැස්වීමට එක් වෙමින් දේශනයක් පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් ෂී ජින් පිං මහතා එහිදී සමස්ත චීන ජනතාව, හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාපයන්හි ස්වජාතිකයන්, තායිවාන ප්‍රදේශයේ ස්වජාතිකයන් සහ එතෙර චීන ජාතිකයන් වෙත වසන්ත උත්සව සුබ පැතුම් පිරිනැමීය.

පසුගිය වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය සාර්ථකව පැවැත්විණ. චීනය අධි ගුණාත්මක සංවර්ධනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කිරීමෙන් ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක පැවතුනු අතර සරු ධාන්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හැකිවූ බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම රැකියා නියුක්තිය හා භාණ්ඩ මිල මූලික වශයෙන් ස්ථාවර තත්වයක පැවතුනු අතර ජනතාවගේ ජීවනෝපාය මනා ලෙස සහතික කිරීමෙන් විද්‍යාත්මක හා තාක්ෂණික ජයග්‍රහණ රැසක් වාර්තා වී ඇත. චීනය වසංගත වැළැක්වීම් හා පාලන පියවරයන් අඛණ්ඩව ප්‍රශස්ත කරමින් ජනතාවගේ ජීවිත ආරක්ෂාව හා සෞඛ්‍යය උපරිමයෙන් සුරක්ෂිත කොට තිබෙන බව ෂී ජින් පිං මහතා පැවසීය.

2023 වසරේ දෙස් විදෙස් තත්වය මනාව සලකා බැලිය යුතු අතර වසංගත වැලැක්වීම හා පාලනය, ආර්ථික සංවර්ධනය මෙන්ම සංවර්ධන සුරක්ෂිතතාව මනාව සම්බන්ධීකරණය කළ යුතු යැයි ෂී ජින් පිං මහතා සඳහන් කළේය. ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ගැඹුරින් සංවර්ධනය කරමින් ආර්ථික ධාවනය සමස්ත වශයෙන් යථා තත්වයට පත් වීම සහ ජනතාවගේ ජීවිතය අඛණ්ඩව යහපත් වීම සාක්ෂාත් කිරීම සඳහා උත්සාහ දැරිය යුතු බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම