චීනයට එන සහ චීනයෙන් පිට වන සංචාරකයින්ගේ ඉහළ යාමක්
2023-01-20 18:21:03
Share with:

චීනයට ඇතුළු වන හා රටින් පිටව යන පුද්ගලයින් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(20) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. චීන රජය පසුගියදා නව කොරොනා වෛරස් ආසාදනය ‘B වර්ගයේ බෝවන රෝග B මට්ටමට පාලනය කිරීම’ පිළිබඳ  ප්‍රතිපත්තිය හා දෙස් විදෙස් පුද්ගලයන් ගමන් කිරීමේ තාවකාලීක පියවර ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. ඉන් පසු චීනයේ අභ්‍යන්තර වසංගත තත්ත්වය අවම මට්ටමින් පැතිර යන බවත් චීනයට ඇතුළු වන හා පිටව යන පුද්ගලයින් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවත් හෙතෙම විස්තර කළේ ය.

මෑතක සිට චීන සමාජයේ නිෂ්පාදන හා ජන ජීවිතය පූර්ණ යථා තත්ත්වයට පත්ව තිබේ. චීන ජාතිකයන්ගේ විදේශයන්හි සංචාරය කිරීමේ කැමැත්ත සැලකිය යුතු ලෙස ඉහළ නැංවී ඇති අතර සංචාරක කටයුතු පුනරුත්ථාපනය සඳහා කොන්දේසි වඩා පුළුල් වී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම