චීනය අඳුරු මොහොතක් ගත කරමින් සිටින බවට බටහිර මාධ්‍ය තීව්‍ර කරන විට සමස්ත චීන සමාජය දැවැන්ත පිබිදීමක් පිළිබිඹු කරයි
2023-01-20 23:21:02
Share with:

වසර තුනක් ගත වීමෙන් පසු  "ලෝකයේ විශාලතම සංචරණය" ලෙස හැඳින්වෙන චීන වසන්ත උත්සව සමයේ සංචාරක කාලපරිච්ඡේදය යළි උදා වී තිබේ. සංඛ්‍යා ලේඛනයට අනුව, මේ වසරේ වසන්ත උත්සවයේ විශේෂ සංචරණ සමය ආරම්භ වී දින 12ක් තුළ හෙවත් පසුගිය  7වැනිදා සිට 18වැනිදා දක්වා කාලයේ චීනයේ දුම්රිය මාර්ග, මහාමාර්ග, ජල මාර්ග සහ සිවිල් ගුවන් සේවාවලින් ගමන් කෙරුණු මගී වාර ගණන, මිලියන 480 ක් වූ අතර එය පසුගිය වසර හා සැසඳීමේ දී සියයට 47.1ක වැඩි වීමකි. චීනය වසංගත පාලන ප්‍රතිපත්තිය ප්‍රශස්තකරණය කිරීමෙන් පසු උදාවන පළමු වසන්ත උත්සවය මෙයයි. මෙමඟින් චීන සමාජයේ ඉමහත් ජීව ශක්තියක් පෙන්නුම් කෙරේ.

එහෙත් චීනයේ සමෘද්ධිමත් දැක්මට එරෙහිව ඇතැම් බටහිර මාධ්‍ය ආයතන රිදවනසුලු අනාවැකි පළකර ඇත. වසංගත පාලන ප්‍රතිපත්තිය සකස් කිරීමට චීනය සූදානම් නොවූ බවත්, එම නිසා වසන්ත උත්සවය "අඳුරු මොහොතක්" බවට පත් වනු ඇති බවත් එම මාධ්‍ය ආයතන වාර්තා කර තිබේ. 

පසුගිය වසර අග දී වසංගත පාලන ප්‍රතිපත්තිය ප්‍රශස්තකරණය කිරීමෙන් පසු චීන රජයේ ප්‍රමුඛතාව, ආසාදන වැළැක්වීමේ සිට වෛද්‍ය ප්‍රතිකාර දක්වා මාරු වී තිබේ. එම සංක්‍රාන්ති කාලය උදෙසා චීනය ක්‍රියාශීලිව ඵලදායී උත්සාහයන් දරා තිබේ. "සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ දරුණු රෝග තත්ත්වය වැලැක්වීම" යන උපදෙස් වලට අනුව, වසංගත වැළැක්වීම සහ පාලනය සඳහා අවශ්‍ය වියදම් සහතික කළ යුතු බව චීන මුදල් අමාත්‍යාංශය මෑතක දී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 

හෙට චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්දට පෙර දිනයයි. වසංගතයට මුහුණ දීම සඳහා වූ මනා සූදානම මත, චීන සමාජයේ සියළු ක්ෂේත්‍ර යහපත් වෙමින් පවතින බවට  සැබෑ තත්ත්වය තුළින් පිළිබිඹු වී ඇත. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම