නිදහසේ 75 වැනි සංවත්සරයේදී අප සියලු දෙනා සැබෑ ශ්‍රී ලාංකිකයන් වෙමු-ජනපති පවසයි
2023-01-20 16:50:04
Share with:

මුස්ලිම් ප්‍රජාවගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සමාජ සාධාරණත්ව කොමිසම සමඟ අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කරයි.

75 වැනි නිදහස් උත්සවය සැමරීම සඳහා ශක්තිමත් සහ සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වන ලෙස සියලු ප්‍රජාවන්ගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා ඕනෑම ආගමක් නවීන ලෝකය සමඟ අනුගත විය යුතු බව ද කිසිම ආගමක් වෛරයේ ආගමක් නොවන බවද පෙන්වා දුන්නේය.

කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (19) පැවති සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සියවස් සැමරුම් අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙරට ඉස්ලාම් භක්තිකයන්ගේ විවිධ ආගමික හා සංස්කෘතික ගැටලුවලදී නිසි මඟ පෙන්වමින් උපදෙස් සපයන සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සියවස් සැමරුම මේ වසරට යෙදී තිබේ.

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම