ගෝලීය වසංගත අභියෝගය හමුවේ චීනය කළ කැපකිරීම්
2023-01-20 16:03:56
Share with:

චීනය ප්‍රශස්තකරණ වසංගත පාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර මේ වන විට දින දොළහක් ගත වී තිබේ. චීන ජාතික ‍සෞඛ්‍ය කොමිසම පවසන පරිදි, මේ වනවිට රට පුරා විවිධ පළාත්වල උණ සායනවල කොරොනා රෝගීන්ගේ සහ රෝහල්වල බරපතල රෝගීන්ගේ සංඛ්‍යාවන්හි පහළ යාමක් පෙන්නුම් කර ඇත. වසන්ත උත්සවය හමුවේ ජන ජීවිත තවදුරටත් විධිමත් වී ඇත්තේ ද රටේ ක්‍රියාත්මක  විද්‍යාත්මක හා නිවැරදි වසංගත පාලන විධිවිධාන හේතුවෙනි.

ගෙවී ගිය වසර තුන තුළ සෑම චීන ජාතිකයෙකුගේම සෞඛ්‍යය හා ජීවිතය සුරැකීම වෙනුවෙන් චීන රජය උපරිම ශක්තියෙන් කැපවිය. කෝටි 140ක ජනගහණය සහිත රටක් වශයෙන්, චීනය ලද ජය, සමස්ත ගෝලීය වසංගත පාලන සටනේම ජයග්‍රහණයකි. 

දරුණු මූලික ප්‍රභේද හා ඩෙල්ටා විකෘති ප්‍රභේදය ගෝලීය  වශයෙන් පුළුල්ව පැතිර ගිය අවස්ථාවල, තත්ත්වය මෙහෙයවා ගැනීමට චීනය දැඩි වසංගත පාලන ප්‍රතිපත්ති යොදාගත්තේය. එසේම, මෑතකාලීනව ව්‍යාප්ත වූ ප්‍රභේදය විශ්ලේෂණය කර, වසංගත තත්ත්වය හා පාලන කටයුතු විමසා බලා එම පාලන ප්‍රතිපත්ති යළි සංශෝධනය කිරීමට  චීන බලධාරීන් පියවර ගෙන තිබේ. චීනය සිදුකළ එම ක්‍රියාවලිය, එරට ආර්ථික වර්ධනයට පමණක් නොව ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීම කෙරෙහි ද හිතකර වන බව ලෝක ආර්ථික සංසදයේ අධ්‍යක්ෂ ජනරාල් Borge Brende මහතා පෙන්වා දී ඇත.

වසංගතයට එරෙහි සටනේ දී චීනය ලෝකය වෙනුවෙන් කළ දායකත්වය, ලෝකවාසීන්ට පැහැදිලිව දක්නට ලැබිණ. එම සත්‍යය, ඇතැම් බටහිර දේශපාලනඥයන් චීනය අපකීර්තියට පත්කිරීමට ගන්නා ප්‍රයත්න හමුවේ කිසිසේත් යටපත් නොවනු ඇත. කෙසේ වුවද, ගෝලීය වසංගත අභියෝගයෙන් මිදීම සඳහා තවදුරටත් අවශ්‍ය වන්නේ විවිධ රටවල් එක්ව දරන උත්සාහයම පමණකි. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම